දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනත ඉතා ඉක්මණින් සම්මත කරනවා – අධිකරණ ඇමති කියයි

දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉතා ඉක්මනට සම්මත කර ගන්නා බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“කාන්තාවන් සමාජයට දක්වන දායකත්වය ගැන සලකන විට ඔවුන් වෙනුවෙන් විවාදය සඳහා දවසක් නෙමෙයි, අවුරුද්දක් දුන්නත් ප්‍රමාණවත් නැහැ.

දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉතා ඉක්මනට අප සම්මත කරගන්නවා දඬුවම් දරුවන්ගේ සංවර්ධනය සඳහා අතිශය බලපානවා. ප්‍රචණ්ඩත්වය මගින් ප්‍රශ්න විසඳිය හැකි බව දරුවන් ඒත්තු ගතහොත් ඔවුන් වැඩිහිටියන් වූ පසුවත් ඒ තත්ත්වයට ළඟා වෙනවා. පාතාලය ආදී සියල්ල පසුපස ඇත්තේ කැඩුණු බිඳුනු පවුලක දරුවෙක් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *