පැමිණිල්ලක් විමර්ෂණය නොකළ පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි

එළගවයින් පස්දෙනකු සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි දෙකක් පිළිබඳ නිසි විමර්ශනයක් නොකිරීම හේතුවෙන් නාරම්මල පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා.

එලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයකු සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එළගවයින් හතර දෙනෙකු සහ ගවයෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ඉකුත් 06 වනදා එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිලිකරුවන් දෙදෙනා වැඩබලන පොලිස් ස්ථානාධිපති වන පොලිස් පරීක්ෂකවරයාට සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයා වෙත එම පැමිණිලි සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලද තොරතුරකට අනුව විමර්ශනය කර එම වැඩ තහනම සිදුකර තිබෙනවා.

නාරම්මල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *