ඊ සිගරැට් භාවිත කරන අය අත්අඩංගුවට ගනියි


ඉලෙක්ට්‍රොනික (ඊ) සිගරට්ටු හෙවත් වේප් නීතිවිරෝධී බව මුදල් කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම වේප් නියාමනය සඳහා මේ වනවිට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.

එමෙන්ම ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් පසුගියදා මුදල් කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, සිගරට් සඳහා පනවා ඇති ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 1 වන දා සිට 45%ක් දක්වා ඉහළ ද දැමීමට තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *