හිටපු අමාත්‍ය කංචන විජේසේකරට ඉන්ධන ලීටරයකින් රුපියල් 160 ක කොමිස් මුදලක් යන බවට ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේ, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ Facebook ගිණුම හා සමානව සෑදූ ව්‍යාජ Facebook ගිණුමකින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පවසනවා.
වත්මන් රජය බලයට පත්වීමට වසර දෙකකට පෙර එම ව්‍යාජ Facebook ගිණුමෙන් අදාළ සටහන පළකර තිබූ බවත්, එය සමාජ මාධ්‍යවල විශාල ලෙස සංසරණය වීම නිසා අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එලෙස පැවසුවේ යැයි තමාද සිතා සිටිය බවයි ඊයේ (10) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
කෙසේ නමුත් වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති තමන් විසින් විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවට Facebook සටහනක් එක්කර තිබූ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.