අරගල සමයේ දී ඔවුන්ගේ නිවාස වලට සිදු වූ හානි සදහා හිටපු මැති ඇමතිවරු ලබාගෙන තිබෙන වන්දි සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර කර තිබෙන්නේ නීතීඥවරයෙකුද වන ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා විසිනි.
ව්‍යාජ හිමිකම් පෑම හරහා ලබාගෙන තිබෙන ඕනෑම වන්දියක් ආපසු ලබා දීම සදහා වූ නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
අරගල සමයේ හානි වූ නිවාස සදහා මැතිඇමතිවරු වන්දි ලබාගෙන ඇත්තේ ආපදා කළමණාකරණ පනත යටතේ බව ප්‍රකාශ කළ නීති විශාරදයෙකු-වන ප්‍රතිභා මහානාම මහතා, එම පනත යටතේ, සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසක් වෙනුවෙන් ලබාගත හැකි උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ විසි පහක් බවද පවසා තිබුණි.
එවැනි සීමාවක් තිබිය දී, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පමණක්, ගින්නෙන් විනාශ වූ ඔහුගේ නිවස වෙනුවෙන් රුපියල් ලක්ෂ 959 ක් ලබාගෙන ඇති බව වාර්තා විය.
සම්පූර්ණ ලැයිස්තුව පහතින්,
කපිල නුවන් අතුකෝරළ – රුපියල් 504,000
විමලවීර දිසානායක – රුපියල් 550,000
ගීතා කුමාරසිංහ – රුපියල් 972,000
ජනක තිස්සකුට්ටිආරච්චි – රුපියල් 1,143,000
ගුණපාල රත්නසේකර – රුපියල් 1,412,780
ප්‍රේමනාත් සී දොලවත්ත – රුපියල් ලක්ෂ 23යි
ප්‍රියංකර ජයරත්න – රුපියල් 2,348,000
සම්පත් අතුකෝරළ – රුපියල් 2,540,610
ජයන්ත කැටගොඩ – රුපියල් 2,814,800
විමල් වීරවංශ – රුපියල් 2,954,000
මහාචාර්ය චන්න ජයසුමන – රුපියල් 3,334,000
අකිල එල්ලාවල – රුපියල් 3,554,250
චමල් රාජපක්ෂ – රුපියල් 6,539,374
චන්දිම වීරක්කොඩි – රුපියල් 6,948,800
අශෝක ප්‍රියන්ත – රුපියල් 7,295,000
සමන් ප්‍රිය හේරත් – රුපියල් ලක්ෂ 105.2යි
ජනක බණ්ඩාර තෙන්නකෝන් – රුපියල් ලක්ෂ 105.5යි
රෝහිත අබේගුණවර්ධන – රුපියල් ලක්ෂ 116.4යි
විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ – රුපියල් ලක්ෂ 137.8යි
සහන් ප්‍රදීප් – රුපියල් ලක්ෂ 171.3යි
ශෙහාන් සේමසිංහ – රුපියල් ලක්ෂ 185.1යි
ඉන්දික අනුරුද්ධ – රුපියල් ලක්ෂ 195.5යි
මිලාන් ජයතිලක – රුපියල් ලක්ෂ 223යි
වෛද්‍ය රමේෂ් පතිරණ – රුපියල් ලක්ෂ 281යි
දුමින්ද දිසානායක – රුපියල් ලක්ෂ 288යි
කනක හේරත් රුපියල් ලක්ෂ 292යි
ඩී බී හේරත් – රුපියල් ලක්ෂ 321යි
ප්‍රසන්න රණවීර – රුපියල් ලක්ෂ 327යි
ඩබ්ලිව් ඩී වීරසිංහ – රුපියල් ලක්ෂ 372යි
ශාන්ත බණ්ඩාර – රුපියල් ලක්ෂ 391යි
එස් එම් චන්ද්‍රසේන – රුපියල් ලක්ෂ 438යි
සනත් නිශාන්ත – රුපියල් ලක්ෂ 427යි
සිරිපාල ගම්ලත් – රුපියල් ලක්ෂ 509යි
අරුන්දික ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 552යි
සුමිත් උඩුකුඹුර – රුපියල් ලක්ෂ 559යි
ප්‍රසන්න රණතුංග – රුපියල් ලක්ෂ 561යි
කෝකිලා ගුණවර්ධන – රුපියල් ලක්ෂ 587යි
මොහාන් පී ද සිල්වා – රුපියල් ලක්ෂ 601යි
නිමල් ලාන්සා රුපියල් ලක්ෂ – 692යි
අලි සබ්රි රහීම් – රුපියල් ලක්ෂ 709යි
ගාමිණි ලොකුගේ – රුපියල් ලක්ෂ 749යි
ජොන්ස්ටන් ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 934යි
කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 959යි