අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඉවත් කර තිබෙන බව වාර්තා වේ.
ඔහු මෙම රෝහල තුළ රාජකාරී ඉටුකර තිබෙන්නේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස යි.
වසර14ක් තිස්සේ ස්ථානමාරුවීමක් ලබා නොගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂධූරය දැරීමට ඔහුට හැකි වී ඇත්තේ, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ නායකයින් සහ හිටපු දේශපාලඥයින්ගේ සහායෙන් බව අනාවරණය වී තිබේ.
රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ වගකීමකි. එසේ තිබිය දී, රෝහලේ සේවය කළ වෛද්‍යවරිය පසුගිය දා දරුණු ලිංගික හිංසනයකට මුහුණ දුන්නා ය.
මේ පිළිබදව වෛද්‍යවරයෙක් සිදු කර ඇති අනාවරණය පහතින්
අනුරාධපුර රෝහලේ අපරාධය – හෙළිදරව්ව 01
අනුරාධපුර රෝහලේ අවාසනාවන්ත සිදුවීමට එම ආයතනයේ ආරක්ෂක තත්වයේ දුර්වලකමද ප්‍රධාන හේතුවක්.
ඔබ දන්නවාද…???
- අනුරාධපුර ශික්ෂණ රෝහල ලංකාවේ ප්‍රධානතම රෝහලක් වුවත් පහුගිය අවුරුදු 14 ක් තිස්සේ මේ රෝහලට ස්ථිර අධ්‍යක්ෂකවරයෙක් පත්කර නැති බව.
- ඒ වෙනුවට “වැඩ බලන අධ්‍යක්ෂකවරයෙක් ලෙස වෛද්‍ය ඩී. එම්. එස්. සමරසිංහ නැමැත්තා දිගින් දිගටම අවුරුදු 14 ක් තිස්සේ පත්කර තිබෙන බව.
- ඔහුගේ පරිපාලනය යටතේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවන මොහොත වන විට රෝහලේ සිටිය යුතු ආරක්ෂක නිළධාරීන්ගෙන් සිට ඇත්තේ බාගයකට ආසන්න පිරිසක් බව. එනම් අවශ්‍ය ප්‍රමාණයෙන් බාගයක් පමණක් සිකියුරිටි නිළධාරීන් රෝහලේ සේවයට යොදවා ඇතිබව.
- එම ආරක්ෂක නිළධාරීන්ගේ හිඟය මෙවන් අපරාධයක් බාධාවකින් තොරව සිදුවීමට විශාල හේතුවක් වූ බව
- නමුත් ප්රතිගාමී වෛද්‍ය නිළධාරී සංගම් ලොක්කෝ දිගින් දිගටම තමන්ගේ වාසි වෙනුවෙන් එම පුද්ගලයා සමඟ ඩීල් දාමින් ඔහු එම තනතුරේ තබා ගැනීමට පහුගිය වසර 14 තිස්සේම රහසිගතව කටයුතු කර ඇති බව
- වෛද්‍යවරියට එරෙහි අපරාධයෙන් පසු පවා, රෝහලට නිසි පරිදි ආරක්ෂක නිළධාරීන්වත් නොයෙදවූ එම පුද්ගලයා තවදුරටත් ධූරයේ තබා ගැනීමට එම වෛද්‍ය සංගම් ලොක්කෝ දොස්තරලාට මෙන්ම ජනතාවටත් හොරා දැඩිව කටයුතු කළ බව.
- මෙවැනි අත්‍යාවශ්‍ය පියවරට පවා විරුද්ධ වෙමින්, ජනතාව මෙන්ම දොස්තරලාද රවටමින්, අත්‍යාවශ්‍ය පියවර ගන්නවා වෙනුවට දොස්තරලා සහ සමාජය එකිනෙකා කොටවමින්, සජිත් සහ පොහොට්ටුව හෝදමින් සිටි මෙම ප්රතිගාමී වෛද්‍ය සංගම් ලොක්කන්ගේ කතා නොසලකා අවුරුදු 14 ක් අනුරාධපුරට අරක්ගෙන සිටි එම දූෂිත පුද්ගලයා අද දින වහාම එම තනතුරෙන් ඉවත් කර ඇතිබව.
- ඒ නිසා මේ ප්රතිගාමී වෛද්‍ය සංගම් ලොක්කන් තව තවත් ආණ්ඩුවට වෛර කිරීමට පටන්ගෙන ඇතිබව මෙන්ම ඉදිරියේදී ඔවුන්ගේ මේ ජඩ ක්‍රියා සහ හොර ගනුදෙණු නොදන්නා සාමාන්‍ය වෛද්‍යවරු ආණ්ඩුවට එරෙහිව උසි ගැන්වීමට මාන බලමින් සිටින බව.
මෙම කරුණු අසත්‍යනම් ප්රතිගාමී වෛද්‍ය සංගම් ලොක්කන්ට මීට පිළිතුරු දිය හැකියි.
වෛද්‍යවරයාගේ ප්‍රකාශය පහතින්