දේශබන්දු තෙන්නකෝන් මහතා සමඟම අතුරුදන්ව සිටි ඔහුගේ බිරිද සහ දරුවා, මේ වන විට නැවත ඔවුන්ට හිමි නිවසක් වෙත පැමිණ සිටින බව වාර්තා වේ.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් දේශබන්දු මහතා සිටින තැන පිළිබදව ඒ මහතාගේ බිරිදගෙන් සහ දරුවාගෙන් ප්‍රශ්න කර ඇතත්, ඔහු සිටින තැනක් පිළිබදව නිවැරදි තොරතුරක් ලබා ගැනීමට මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇති බව පැවසේ.
මේ බව වාර්තා කර තිබෙන්නේ, ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු වන තරිදු ජයවර්ධන මහතා විසින් පවත්වාගෙන යනු ලබන මීඩියෝ ඩොට් එල් කේ නමැති යූ ටියුබ් නාලිකාවයි.
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පුතා, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීමට නියමිත ය.