ඉරාන තෙල් බෙදූ මෙරට සමාගමකට ඇමරිකාව සම්බාධක පනවයි

ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම ලෝකයෙන් වසන් කිරීමට සහාය ලබාදෙමින් ඉරාන තෙල් චීනය වෙත ප්‍රවාහනය කිරීමට සහාය ලබාදුන් “ෂැනන් 2” නෞකාවේ තාක්ෂණික කළමණාකරු ලෙස කටයුතු කළ මැරීන් සොලූෂන් නම් ශ්‍රී ලංකා සමාගමට එරෙහිව ඇමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවා ඇතැයි මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

කොළඹ ප්‍රදේශයේ පිහිටි මැරීන් සොලූෂන් පුද්ගලික සමාගමට මෙන්ම ඉරාන ඉන්ධන ප්‍රවාහනය කළ “ෂැනන් 2” නෞකාවේ ලියාපදිංචි අයිතිකරු වන මාර්ෂල් දූපත්හි ලියාපදිංචි සෙලෙස්ටීට් මැරිටයිම් සමාගමටද ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවා තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 13846 සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ 13902 යන විධායක නියෝග යටතේ ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම වැළැක්වීමට මෙලෙස සම්බාධක පනවා ඇතැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *