වගාවට හානි කරන සතුන් ගැන කළ සංගණනය සාර්ථකයි – කෘෂිකර්ම ඇමති කියයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පළමු වරට ක්‍රියාවට නැංවු වගාවන්ට හානි පමුණුවන සතුන් සම්බන්ධයෙන් සංගණනයක් අද (15) දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණා.

ඒ අනුව අද උදෑසන දිවයින පුරා පැවති වගාවන්ට හානි කරන රිලවා, දඩුලේනා සහ මොනරා පිළිබඳ සංගණනය ඉතා සාර්ථක බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඒ මහතා අද කුරුණෑගල වේරගල පුරාණ විහාරයේ දී මෙම සතුන් සංගණනයට එක් වුණා. එහිදී තමා විහාර භූමියට පැමිණි රිළවුන් 60ක් ගණන් කළ බවත් තමාගේ වත්තට රිළවුන් තිදෙනෙක් පැමිණ තිබූ බව දැනගන්නට ලැබුණු බවත් කියා සිටියා.

මෙම සංගණනය ඒ ඒ ප්‍රදේශ වල ග්‍රාම නිලධාරීවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු අතර ඒ සඳහා සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ ද සහය හිමිව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *