පාර්ලිමේන්තුව සතු V8 රථය සහ මොන්ටෙරෝ රථ දෙකම වෙන්දේසියට

පාර්ලිමේන්තු සභානායක කාර්යාලය සඳහා ලබාදී තිබුණු කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී වී එයිට් වර්ගයේ සහ මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථ දෙකක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීමට පාර්ලිමේන්තුව කටයුතු කර ඇත.

එම ජීප් රථ දෙක සභානායක කාර්යාලයේ ලේකම්වරයාගේ භාවිතය සඳහා වෙන් කර තිබිණ. එහෙත් නව රජය පත්වූ පසුව වත්මන් සභානායක ලේකම් විසින් ඒවා ප්‍රයෝජනයට ගෙන නොතිබිණි.

ඒ වෙනුවට ඔහු පිරිමැසුම්දායක, සාමාන්‍ය වටිනාකමක් සහිත කාර් රථයක් භාවිතා කරයි. එබැවින් ඉහත වටිනා වාහන දෙකම ප්‍රසිද්ධියේ මිල ගණන් කැඳවා විකුණා දැමීමට පාර්ලිමේන්තුව විසින් මිල ගණන් කැඳවීමට පියවර ගෙන ඇත.

ඒ සඳහා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය රජයේ පුවත්පත් දෙකක් ටෙන්ඩර් කැඳවීමට අදාළ දැන්වීම් දෙකක් ද පළකොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *