ලිංගික අතවර කර මරණ තර්ජන කලැයි තරුණ දේශපාලඥවරියක් නවසීලන්තයට පලා යයි

ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලඥවරියක් නවසීලන්තයට පලා ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තමන්ට බරපතළ ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින් මෙම මෙසේ ඇය එරටට ගොස් ඇතැයිද වාර්තාවේ සදහන් වෙයි.

නාඳුනන තුවක්කු කරුවන් ඇගේ නිවසට පැමිණ තර්ජනය කර ඇති බවත් පවත් ලිංගික හිංසනයටද ගොදුරු වී බවත් ඇය ප්‍රකාශ කර ඇති බවත් වාර්තාව පවසයි.

ඒ අනුව 32 හැවිරිදි ඇයට මෙවන විට නවසිලන්තයේ සරණාගත තත්ත්වය ලබා දී ඇත.

ඇයගේ දේශපාලන ජීවිතය ඉදිරියට ගෙන යාමට නම් ප‍්‍රධාන දේශපාලඥයෙකු සමග ලිංගික ආශ්‍රයක් පැවැත්විය යුතු බවට යෝජනා කර ඇති බවත් එලෙස තර්ජනය කළ පුද්ගලයා 2019 පැවති මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයකු බවද සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *