ජනවාරි,පෙබරවාරි මාස දෙකට සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 700ක ආදායමක් ලංකාවට

වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 768.2 ක ආදායමක් උපයා ඇති බව නවතම මහබැංකු දත්ත පෙන්නුම් කරයි. 

මෙය පසුගිය වසරේ මුල් මාස දෙක තුළ ඉපැයූ ආදායමට සාපේක්ෂව 12% ක වර්ධනයකි. 

එමෙන්ම මෙය, 2020 වසරේ සිට අදාල මාස දෙක සදහා උපයා තිබෙන ඉහළම ආදායමයි. 

2025 වසරේ දී සංචාරකයන් මිලියන තුනක් ගෙන්වා ගැනීමටත්, ඉන් එක්සත් ජනපද ඩොලර් බිලියන පහ ඉක්ම වූ ආදායමක් උපයා ගැනීමටත් රජය අපේක්ෂා කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *