හදිසි විදුලි බිඳවැටීමේ වරද විදුලි බල මණ්ඩලය පිළි ගනියි

දිවයින පුරා සිදුවු හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදුවු වරදක් බවට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

පැය 5කට ආසන්න කාලයක් විදුලි බිඳවැටීම යථාතත්ත්වයට පත් කිරීමට හැකියාව නොලැබීම තම මණ්ඩලයේ ගැටලුකාරී තත්ත්වයක් බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

එලෙස හදිසි විදුලි බිඳවැටීමක් සිදුවු අවස්ථාවක අතිරේක විදුලි ජනනයක් පවත්වාගෙන යායුතු වුවද පිරිවැය නොමැති වීම හේතුවෙන් අතිරේක විදුලි ජනනයක් පවත්වාගෙන යාමට නොහැකි බව එම මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් අතිරේක විදුලි ජනනයක් පවත්වාගෙන යාම සඳහා පිරිවැය සොයාගැනීමට නම් එහි බරපැන ද ජනතාවට විඳදරා ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේය.

ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට එළඹීමට නියමිත බවද එම කොමිෂන් සභාව සඳහන් කළේය.

පසුගිය 09 වනදා දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදුවුණි.

ඒ කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවු හදිසි බිඳවැටීමක් හේතුවෙනි.

කෙසේවෙතත් කොටස් වශයෙන් විදුලිය ලබාදීමට විදුලි බලමණ්ඩලය පියවර ගත් අතර දිවයින පුරා විදුලි සැපයුම යථාතත්ත්වයට පත් කිරීමට පැය 5කට අධික කාලයක් ගත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *