ජාතික ඔත්තු සේවාවේ හා ජාතික ආරක්ෂාවේ විශාල කඩාවැටිමක් – තිස්ස අත්තනායක

දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට භාරවන තුරු ඔහුව සොයා ගැනිමට නොහැකි වීමෙන්
පෙනි යන්නේ රටේ ජාතික ඔත්තු සේවාවේ බිද වැටිමක් බව සමගි ජන බලවේගය පවසනවා.

මෙම තත්වය තුල ජාතික ආරක්ෂාවේ විශාල කඩාවැටිමක් තිබෙන බව පෙනී යන්නේ. යැයි සමගි ජන
බලවේගයේ ජාතික සංවිධයක තිස්ස අත්තනායක ප්‍රකාශ කරනවා.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධයක තිස්ස අත්තනායක මේ බව කියා සිටියේ අද (19) පවති මාධ්‍ය
හමුවකදී අදහස් දක්වමිනි.

තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවා ……

“රටේ අපරාධ රැල්ලක් රට තුළ ගොඩනැගි තිබෙනවා. රටේ දෛනිකව මිනි මැරුම් ස්ත්‍රි දූෂණ
ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත්වී තිබෙනවා.

ඒ වගේම අපරාධ කල්ලි අතර ඇතිවන ගැටුම් නිසා ජනතාවට විශාල තර්ජනයක් එල්ල වී
තිබෙනවා.

ඒ වගේම මේ වසර තුළ මිනිමැරුම් සියයකට අධික සංඛ්‍යාවක් වාර්තා වෙලා තිබෙනවා. මෙය
බරපතල තත්ත්වයක්.

රටක අපරාධ දෛනිකව සිදුවෙනවානම් ඒ සඳහා ආණ්ඩුව වගකිව යුතුයි. පසුගිය ආණ්ඩුවල
වැරදි නිසා රටේ අපරාධ වෙනවා කියලා වර්තමාන ආණ්ඩුවට අත පිසදාගන්න බෑ.

වර්තමාන ආණ්ඩුව බලයට පැමිණියේ අපරාධ මර්ධනය කරලා ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂා
කරන බව පවසා .

ඒ වගේම ඇමැතිවරයෙක් ප්‍රකාශ කරනවා රටේ ජාතික ආරක්ෂාවට කිසිදු ප්‍රශ්නයක් නෑ කියලා.
රටේ ජනතාවගේ ආරක්ෂාව පිලිබඳව තමයි තිබෙන්නේ කියලා.

කෙසේ නමුත් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව දෙකක් ලෙස ආණ්ඩුව සැලකිම ගැන
අපි කණගාටු වෙනවා.

යුද්ධය පැවැති කාල සිමාවේදිත් දෛනිකව මෙවැනි අපරාධ රට තුළ වාර්තා වුණේ නෑ.

ඒ නිසා රටේ ජනතාවට ආරක්ෂාව දිම වැදගත් කාරණයක්. එය ඉටු කරන්න ආණ්ඩුව අසමත් වෙලා
තිබෙනවා.

ඒ වගේම හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්න ආණ්ඩුවට විශාල කාලයක් ගතවුණා.

ඔහු අධිකරණයට භාරවන තුරු ඔහුව සොයා ගැනිමට නොහැකි වීමෙන් පෙනි යන්නේ රටේ ජාතික
ඔත්තු සේවාවේ බිද වැටිමක් තිබෙන බවයි.

රටේ ජාතික ඔත්තුසේවය සහ පොලිසිය හරියාකාරව ක්‍රියාත්මක වුණානම් දේශබන්දු තෙන්නකොන්
මහතාට සැගවි ඉන්න අවස්ථාවක් නෑ.

ඒ අනුව ජාතික ආරක්ෂාවේ විශාල කඩාවැටිමක් තිබෙන බව ත මයි පෙනී යන්නේ.

ඒ වගේම දේශබන්දු තෙන්නකොන් මහතා සැගවි සිටිම සමගි ජන බලවේගය අනුමත කරන්නේ නම් නෑ.

ඔහු තවමත් නිල වශයෙන් රටේ පොලිස්පතිවරයා. ඔහු රටට ආදර්ශයක් ලබාදිය යුතුයි.

ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව නිවැරදි කරන්න කයිවාරු ගහලා හරියන්නේ නෑ.

ඒ සඳහා යන යාන්ත්‍රණය වහාම ශක්තිමත් කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

ඒ වගේම ආණ්ඩුව රටේ ප්‍රශ්න යටපත් කිරිම සඳහා කුමන හෝ වෙනත් මාතෘකාවක් යොදාගෙන ප්‍රධාන
ප්‍රශ්නය යටපත් කරලා දෛනිකව දවස ගත කරන ආණ්ඩුවක් බවට වර්තමාන ආණ්ඩුව පත් වෙලා
තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *