හිරේට දාපු දේශබන්දු මානසිකව වැටිලා, රෑ කාලත් නෑ – කිසි කතාවකුත් නෑ


රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ ගත කළ පළමු දිනයේ ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

මේ අතර ඔහු දැඩි ලෙස මානසිකව කඩා වැටී ඇති බවත්,කිසිවෙකු සමග කතා නොකර ඇති බව වාර්තා වූ අතර වැලි­ගම පැලෑන ප්‍රදේ­ශයේ සිදු වූ වෙඩි තබා ගැනී­මෙන් පොලිස් නිල­ධා­රි­යකු මිය යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින සැක­කාර පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාට ඇප ලබා දෙන ලෙස විත්තියේ නීති­ඥ­වරු කළ ඇප ඉල්ලී­මක් ප්‍රති­ක්ෂේප කළ මාතර මහේ­ස්ත්‍රාත් අරුණ බුද්ධ­දාස මහතා සැක­කරු ලබන 03 වැනිදා තෙක් තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට ඊයේ (20) නියෝග කළා.

සැක­කරු, දැඩි ආර­ක්ෂා­වක් යටතේ බන්ධ­නා­ගා­රයේ වෙනම ආර­ක්ෂක ස්ථාන­යක රඳවා තබන ලෙසට ද මහේ­ස්ත්‍රා­ත්ව­රයා බන්ධ­නා­ගා­ර­යට නියෝග කර තිබෙනවා.

අධි­ක­රණ කට­යුතු අව­ස­න්වී­මෙන් පසුව බන්ධ­නා­ගාර නිල­ධා­රීන් බන්ධ­නා­ගාර බස් රථය මඟින් සැක­කාර පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා දුම්බර සිර මැදි­රිය වෙත රැගෙන යනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *