දේශබන්දුව ගෙදර යවන්න ආණ්ඩුව 2/3 බලය භාවිත කරන්න සූදානම් වෙයි

සේවය අත්හිටු වීමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට රජය සූදානම් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි

ඒ අනුව මෙම ධුරයෙන් පහ කිරීමේ යෝජනාව ඉතා කඩිනමින් ආණ්ඩු පාර්ශ්වය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය උපයෝගී කරගෙන යෝජනාව සම්මත කිරීම හරහා තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීම මෙහිදී සිදු වන බව ඔහු කීය.

පොලිස්පති ධුරයේ කටයුතු කරමින් රටේ නීතිය අවභාවිතකොට රාජ්‍යයේ විශ්වසනීය භාවයට හානි වන අයුරින් කටයුතු කිරීම මෙම යෝජනාවට නිමිත්ත කරගන්නා බවද ඔහු පැවැසීය.

වැලිගම, පැලෑන හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා පොලිස් භාරයට පත්ව සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *