පෙන්ෂන් අහෝසි කරන යෝජනාව එයි

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව කම්කරු අරගල මධ්‍යස්ථානය සඳහන් කරයි.

එකී යෝජනාව මේ වන විට රාජ්‍යකරණය පිළිබඳ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන බව එහි සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

මෙම යෝජනා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඉදිරිපත් කර ඇති බවද හෙතෙම මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසි කර දායකත්ව විශ්‍රාම වැටුපකට යාම සඳහා ඉන් යෝජනා කර ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම එම දායකත්ව විශ්‍රාම වැටුප දේශීය හා විදේශීයව ආයෝජනය කළ හැකි දෙක ලෙසද සකස් කිරීමට සැලසුම් කර ඇති බවත් එය ඉතාම අවදානම් කාර්යයක් බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *