රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10ක් අරඹයි

රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා  සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පැවසීය.

මොරටුව, රාගම, කඩවත, ගම්පහ, මාලඹේ, අතුරුගිරිය සහ කටුනායක සහ උප නගර කේන්ද්‍ර කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවට ප්‍රදේශයේ තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන දෙකක් ද, ඉදිකිරීමට නියමිත බවත් එම අමාත්‍යංශය සඳහන් කළේය.

අනුරාධපුර ප්‍රවාහන මාධ්‍යස්ථානයේ ඉදිරිකිරීම්වලින් සියයට 40 ක් පමණ මේ වන විට අවසන්ව ඇති බව කියන එම අමාත්‍යංශය ශක්‍යතා අධ්‍යනයෙන් පසුව සෙසු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල ඉදිකිරීම් ද ආරම්භ කරන බව ද එම අමාත්‍යංශය කීය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *