කුවේට් හිදී ආබාධිත වූ කාන්තිලතාට විදේශ සේවා කාර්යාංශයෙන් අලුත් ගෙදරක් දෙයි

කුවේට්හි රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වී ආබාධිත වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන් නව නිවසක් තනා දී ඇත.

කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සහ කාර්යාංශයේ මොනරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මොනරාගල, මාගන්දනමුල්ල ප්‍රදේශයේදී නිවසට ගෙවදීම සිදුකෙරිණි.

දරුවන් දෙදෙනෙකුගේ මව වන ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියගේ සැමියා මියගොස් ඇත. වැඩිමහල් දියණිය යුද හමුදාවේ සේවය කරන අතර බාල දියණිය උසස්පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටී.

ලෑලි හා ඉටිකොළ ආවරණය කර ටකරම් වහල සෙවිලි කළ නිවසක ජීවත් වූ කාන්තිරත්න මැණිකේ මහත්මිය හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සහන නිවාස සුබසාධන වැඩසටහන මගින් රුපියල් ලක්ෂ 17.5ක වියදමින් මෙම නිවස සාදා දී තිබේ. නිවස තැනීමේ කටයුතු මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදුවිය.

image 4687d791e9 Iri News
image fb26f28f07 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *