ජනපතිගේ කතාවෙන් පසු GMOA රජයට ස්තූති කරයි

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි සඳහා සිදුකරන ගෙවීම් සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයට මෙවර අයවැයෙන් සාධනීය විසඳුමක් හිමි වූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

ඒ අද පැවැති අද (22) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්ය. 

අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුවන බව පවසමින් පසුගිය කාලසීමාව පුරා රට තුළ පැවතියේ දැඩි කතාබහකි.

ඇතැම් සෞඛ්‍ය වෘත්තිය සංගම් වැඩවර්ජන ක්‍රියාමාර්ගවලටද අවතීර්ණ වූ අතර බලධාරින් සමඟ සාකච්ඡා ද පවත්වා තිබුණේ මේ සඳහා සාධනීය පිළිතුරක් අපේක්ෂාවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *