සංවිධානාත්මක අපරාධ මැඩලීමට නව STF සාමාජිකයින් 500ක් යොදවයි

සංවිධානාත්මක අපරාධ හා අනෙකුත් නීති විරෝධී ක්‍රියා මර්දනයට අලුතින් බඳවා ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකා (STF) සමාජිකයින් 500ක් යෙදවීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, එම නව සමාජිකයින් නොබෝ දිනකින්ම සිය පාඨමලා නිමා කර සේවයට වාර්තා කරන බවයි.

මේ අතර දකුණු පළාතේ සිදු කරන වෙඩි තැබීමේ සිද්ධි පාලනය සඳහා පොලිස් කණ්ඩායම් 04 ක් යොදවා තිබේ.

අම්බලන්ගොඩ ප්‍රදේශයට ද විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත්තේ සංවිධානාත්මක අපරාධ මැඩලීම වෙනුවෙනි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *