පෙබරවාරියේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.38 දක්වා ඉහළට යයි

පෙබරවාරි මාසයේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.38 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එය පසුගිය වසරේ පෙබරවාරිය හා සසදා බැලීමේ දී 4.62% ක වර්ධනයකි.

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ඛාණ්ඩය වන්නේ ඇඟළුම් ය. ඇගළුම් අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 427.3 කි.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයා තිබෙන ආදායම ඩොලර් මිලියන 82.51 කි.

තේ අපනයනයෙන් ඩොලර් මිලියන 119.41ක ආදායම් උපයා ඇති අතර, එය පසුගිය වසරේ පෙබරවාරිය හා සසදා බැලීමේ දී 6.52% ක අඩු වීමකි.

සේවා අංශයේ සමස්ත අපනයන ආදායම මේ පෙබරවාරියේ දී ඩොලර් මිලියන 326.14 ක් වන අතර, එය පසුගිය වසරේ පෙබරවාරිය හා සැසදීමේ දී 24.37% ක වර්ධනයකි.

ලංකාව මේ වසර අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 19 ක අපනයන ආදායමක් අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *