පළාත් පාලන ආයතනවල අක්‍රමිකතා ගැන විශේෂ විමර්ශනයක් අරඹයි

පළාත් පාලන ආයතනවල පසුගිය කාලයේ සිදු වූ විවිධ අක්‍රමිකතා හා වංචා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ සිදු වූ එවැනි වංචා හා දූෂණ පිළිබඳ පැමිණිලි රැසක් ලැබී ඇති බවය.

මීට අමතරව අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කළ විගණන වාර්තා මගින් ද ඒ පිළිබඳ කරුණු හෙළිදරව් කර තිබේ.

රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ එම ඇතැම් දූෂණ හා අක්‍රමිතා මේ වනවිට අනාවරණ වෙමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, මහ නගර සභාවල සිදුව ඇති වංචා පිළිබඳ විශේෂ අවධානය යොමු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *