එළැඹෙන පලාත් පාලන මැතිවරණයේ දී ද ජනතාව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කරනු ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ හැර වෙනත් විකල්පයක් මේ මොහොතේ නොපෙනෙන බැවින්, තමන්ගේ අපේක්ෂාව වන්නේ ද ජනතාව මාළිමා රජය ශක්තිමත් කිරීම බව ඔහු වැඩි දුරටත් පවසයි.
පැවති විකෘති දේශපාලනය රටට කිසිදු යහපතක් නොකළ බැවින් ජනතාව අළුත් රජයක් පත් කරගත් බව පවසන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නව රජය, රාජ්‍ය පලනයේ දී දැනට පෙන්වන ආධුනික ස්වරූපය ඉක්මනින්ම හදා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද පවසයි.