සනත් නිශාන්ත ගමන් ගත් රථය අනතුරකට ලක්වෙයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කරමින් තිබූ ජීප් රථය තවත් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් සිදුව මාරවිල, මෝදර වැල්ල ප්‍රදේශයේ දී අද (29) අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරෙන් පසු අනෙක් රථයේ රියදුරා විසින් රාජ්‍ය අමාත්‍යවරයාගේ රථයට සහ පුද්ගලික ආරක්ෂකයෙක්ට පහරදී ඇති බවත් වෙනවා.

අනතුරින් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බව සඳහන්.

අනතුරෙන් පසු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *