සතොස විකුණා දැමීමට පසුගිය රජය ගත් තීන්දුව කැබිනට් මණ්ඩලය අත්හිටුවයි

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීමේ පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

1949 අංක 47 දරන සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පනත පරිච්ඡින්න කර එම ආයතනය ඇවර කිරීමට එවකට අමාත්‍ය මණ්ඩලය විසින් 2024.09.02 වන දා පැවති අමාක්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.

එහෙත්, ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති රාමුවට අනුගතව වෙළෙඳපොළ තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම මගින් මහජනතාව වෙත ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිල ගණන් යටතේ අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ අරමුණින් වෙළෙඳපොළ මෙහෙයුම් තුළ රජයේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා සමුපකාර සොය වෙළෙඳ සංස්ථාවට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව පවතින බව රජය පැවසීය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිකා සහ සමූපකාර සංවර්ධන අමාත්‍වසන්ත සමරසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *