ශ්රී ලංකා ක්රිකට් ආයතනය මේ වනවිට ජාතික කණ්ඩායමේ පිතිකරණ, වේගපන්දු යැවීම, දඟපන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ සඳහා පුහුණුකාර තනතුරු වෙනුවෙන් අයදුම්පත් කැඳවා තිබේ.
ඒ අනුව ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රීඩක ජීවන් මෙන්ඩිස් ශ්රී ලංකා පිලේ දඟපන්දු යැවීම් පුහුණුකරු තනතුර සඳහා අයදුම්කර ඇති බව වාර්තා වෙයි.
ඔහු කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරයට ද අයදුම් කර ඇති බවය ක්රිකට් ආරංචි මාර්ග පවසන්නේ,