සත්ත්ව සංගණනයේ අවසන් වාර්තාව හෙට නිකුත් කරයි

වන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයට අනුව එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, වගා හානි සිදුකරන රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ සංගණනයේ වාර්තාව හෙට (28) දිනයේ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවය. 

මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *