යෝගට් කන්න දෙන කඩදාසි හැන්ද ඉවතට,ලී හැන්දක් දෙන්න මිල්කෝ සමාගම තීරණය කරයි

යෝගට් සමග ලබාදෙන කාඩ් බෝඩ් හැන්ද කුඩා දරුවන් වැඩි වේලාවක් මුව තුළ තබා ගැනීම නිසා එය දියවීමට ලක්වන බැවින්, යෝගට් සමග ලී හැන්දක් ලබාදීමට කටයුතු යොදා තිබෙන බවත්, එම හැඳි මෙරට ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය නොකිරීම නිසා යම් ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරන බවත් මිල්කෝ ආයතනයේ සභාපති හේමජීව ගෝඨාභය පැවසීය.

මිල්කෝ ආයතනයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. යෝගට් සමග ලබාදෙන කාඩ් බෝඩ් හැන්ද සම්බන්ධයෙන් පාරිභෝගික පැමිණිලිද ලැබුණු නිසා ලී හැන්දක් ලබාදීමට තීරණය කෙරුණු බවද ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *