හැප්පූ ජීප් රථය සනත් නිශාන්තගේ බව දැනගත් පසු, යකඩ පොල්ලක් ගෙන ජීප් රථයට පහර දෙයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මෝටර් රථය අද උදෑසන තවත් මෝටර් රථයක් හා ගැටී ඇති අතර, අනතුරට පත් මෝටර් රථයේ සිටි පුද්ගලයා විසින් සනත් නිශාන්ත මහතාගේ ජීප් රථයට යකඩ පොල්ලකින් පහර දී අලාභ හානි කර තිබේ.

අනතුරට පත් මෝටර් රථයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරිකයෙක බව පැවසේ.

ඔහු, රාජ්‍ය අමාත්‍යවරයාගේ ජීප් රථය ගැටීමෙන් සිය මෝටර් රථයට සිදුව තිබෙන හානියත්, ජීප් රථය තුළ සිටින රාජ්‍ය අමාත්‍යවරයා දැකීමෙනුත් ඇති වූ කෝපයෙන්, යකඩ පොල්ලක් ගෙන මෙසේ රාජ්‍ය අමාත්‍යවරයාගේ ජීප් රථයට පහර දී තිබේ.

මේ වන විට අදාල ව්‍යාපාරිකයා පොලිස් අත්අඩංගුවේ පසුවන බව පැවසේ.

අනතුර සිදුව ඇත්තේ මාරවිල ප්‍රදේශයේ දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *