අලිමංකඩ ජාතික ලුණු සමාගම අද සිට නැවත ආරම්භ කරයි

අලිමංකඩ පිහිටි ජාතික ලුණු සමාගම නැවත ආරම්භ කර ‘රජ ලුණු’ නමින් එම නිෂ්පාදන වෙළෙඳපොළට එවීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව එම සමාගම අද (29දා) පෙරවරුවේ නැවත ආරම්භ කිරිමේ උත්සවය ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා පැවසුවේ, මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්‍රික් ටොන් 5ක ලුණු නිෂ්පාදනය කෙරෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *