මෙරට තරුණ පිරිස් අතර ඒඩ්ස් වාර්තාවීම වේගයෙන ඉහළට

මෙරට තරුණ පිරිස අතර HIV අසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස වර්ධනය වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පැවසුවේ පසුගිය වසරේදී අවුරුදු 15 ත් 24 ත් අතර වයස්  කාණ්ඩයේ පසුවන පිරිස අතරින් HIV අසාදිතයින්115ක් හඳුනාගෙන ඇති බවයි.

පසුගිය වසරේදී මෙරටින් වාර්තා වී ඇති සමස්ත HIV අසාදිතයින් සංඛ්‍යාව 824කි.

ඒ අතරින් 718 ක්ම පිරිමි පුද්ගලයින් වේ.

පසුගිය වසරේදී වාර්තා වූ ඒඩ්ස් මරණ ගණන 47කි.

එම සංඛ්‍යාව 2023 වර්ෂය හා සැලකීමේදී  20% කින් පහළ යාමක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේය.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන දැනුම් දෙන්නේ, ශ්‍රී ලංකාව තුළ  HIV ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින බැවින්  කඩිනමින් පරීක්‍ෂණ වෙත යොමුවන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *