කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ස්ථාපනය කෙරුණු ශුක්‍රාණු බැංකුවේ ලියාපදිංචි වූ පරිත්‍යාගශීලීන් 40 දෙනකුගෙන් 20ගේ ප්‍රතිඵල ලැබී ඇති බවත්, එම 20 දෙනාගේ ශුක්‍රාණු සුදුසු මට්ටමේ ඇති බවත්, එබැවින් ඒවා පරිත්‍යාග ලෙස ලබාගත් බවත් එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පැවැසීය.
අනිත් 20 දෙනාගේ ශුක්‍රාණු පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවත්, එහි ප්‍රතිඵලත් ඉදිරියේදී ලැබීමට නියමිතව ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
ශුක්‍රානු ලබාදීමට කැමැති පරිත්‍යාගශිලීන් පැමිණි පසු ඔවුන් පරීක්ෂණ 4කට භාජනය කරන බවත්, එම පරීක්ෂණ 4න්ම පරිත්‍යාගශීලියකු සමත් වීම අනිවාර්යය බවත් හෙතෙම කියා සිටියේය.
ශුක්‍රාණු පරිත්‍යාගශිලීන්ගෙන් දිනකට ඇමතුම් 05ක් 10ක් පමණ ලැබෙන බවත් ඔවුන්ට රෝහලට පැමිණීමට දින ලබාදීම මේ වනවිට සිදුකර ගෙන යන බවත් ඒ මහතා කීය.
මදසරු භාවය පිළිබඳ ගැටලු ඇති මව්වරුන් 200කට ආසන්න පිරිසක් මසකට රෝහලේ සායන වෙත පැමිණෙන බවත් හෙතෙම කියා සිටියේය.