යකඩ පොල්ලකින් පහර දුන් රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ ජීප් රථය

මාරවිල පොලිස් වසමේ මුහුදුබඩ මාර්ගයේ තල්විල මෝදරවැල්ල දේවස්ථානය ඉදිරිපිට දී ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයට අයත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් කරමින් සිටි ජීප් රථය මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

ඊයේ (29දා) උදෑසන මෙම අනතුර සිදුවී ඇත.

අනතුර සිදුවීමෙන් පසු මෝටර් රථයේ රියැදුරු කුපිත වී සනත් නිශාන්ත අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථයට යකඩ පොල්ලකින් පහරදී අලාභහානි සිදුකර රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියාට පහර දී තිබේ.

මෝටර් රථයේ රියැදුරු මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආරච්චිකට්ටුව සිට වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවීම සඳහා ගමන් කරමින් සිටියදී මාරවිල දෙස සිට තොඩුවාව දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

මාරවිල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

image 10 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *