ක්ලීන් ශ්‍රි ලංකා යටතේ නාගරික වනාන්තර ඉදි කරන ව්‍යාපෘතිය පෑලියගොඩින් අරඹයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර  පෑලියගොඩ, කැලණි පාලම අසලදී අද ආරම්භ විය.

ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙම ව්‍යාපෘතිය සමග එක්ව සිටියි. 

ඒ අනුව පෑලියගොඩ නවලෝක වටරවුම සහ නව කැලණි පාලම අතර රජය සතු භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආකර්ශණීය නාගරික වන වගා භූමියක් ලෙස ස්ථාපනය කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම පැළ ආරක්ෂා කොට  රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ දහම් පාසල් සිසුන් වැනි විවිධ පාර්ශ්වයන් වෙත වගකීම් පැවරීමයි.

ඒ අනුව පෑලියගොඩ කැලණි පාලම අසළ රෝපණය කෙරුණු පැල ආරක්ෂා කොට රැකබලා ගැනීමේ වගකීම පෑලියගොඩ ධර්මවිජය දහම් පාසලේ සිසු දරු දැරියන් වෙත පැවරීමද මෙහිදී සිදු විය.

ගස පිළිබඳ සියලු තොරුතුරු එනම් ගස වැඩීමත් සමග එහි කාලීන තත්ත්වය සහ කැපකරුවන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කෙරෙන යෙදවුමක්ද (APP) හඳුන්වාදී තිබීම විශේෂත්වයකි.

මෙම උත්සවයේ පිළිගැනීමේ කථාව සිදු කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ  මෙම වැඩසටහන හුදු වන වගා ව්‍යාපෘතියක් පමණක් නොව සමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික වශයෙන් රට තුළ නව ප්‍රබෝධයක් ඇති කිරීමට ක්‍රියාත්මක  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණු සමඟ බැඳි ජනතාව තුළින් මතුවන, ජනතාවාදී ව්‍යාපාරයක් බවයි.

image 13 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *