අවුරුදු 76කට පසු රුපියලක්වත් හොරකම් නොකරන රජයක් අපි හැදුවා – ජනපති අනුර

ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් සේවාව ඒකාබද්ධ කර යම් කාල සටහනකට සුව පහසු හොඳ ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදෙන බව ජනාධිපති අනර කුමාර දිසානායක මහතා පැවැසීය.

අලුතින් බස් රථ 500 ක් ශ්‍රී ලංගමට ගන්නා බවත් ඊට අමතරව ලෝකයේ සම්මත දියුණු රටවල බස් රථ 100 ක් ගෙන්වා සුව පහසු මොද ප්‍රවාහන සේවාවක් ලබා දෙන බවද හෙතම පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජය නියතයි ගම අපිට යන මැයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා විජයග්‍රාහී ජනතා රැලියක් අමතමින් 29දා තිස්සමහරාම නගරයේදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.

මීට අවුරුදු දෙකහාමාරකට ටිකක් එහාට ඈතට ගිහින් බැලුවම අපේ රට විශාල ලෙස බංකොළොත් භාවයට පත් කළ දිගු කාලයක් පාලකයන්ගේ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති රටකට ආර්ථික වශයෙන් දිය හැකි විශාලතම ව්‍යවසනය, විශාලම ආර්ථික විනාශය කරල තිබෙනවා. මොකද්ද රටකට දිය හැකි විශාලතම විනාශය බංකොළොත් භාවය, අරන් තිබෙන ණය ගෙවන්න බැරිවීම, ලෝකයට ණය වෙලා ණය ගෙවන්න බැහැ කියලා විශ්වාය, ඒක තමයි දිය හැකි විශාලතම ආර්ථික විනාශය.

තව අවුරුදු සියකින් ලංකාවේ ආර්ථික ගැන පොතක් ලියවුණත් 2021, 22, 23 ඒ ඉතිහාසය ලිය වෙනෙනවා, මොකද්ද බංකොළොත් භාවයට පත් වූ රාජ්‍යයක්, ණය ගෙවාගන්න බැරි වුණු රාජ්‍යයක්, තෙල් ටික ආනයන කරගන්න බැරිවුණු රාජ්‍යක්, ඩොලර් උපයගන්න බැරිවුණ රාජ්‍යයක්, බෙහෙත් ආනයන කිරීම සඳහා ඩොලර් සොයාගන්නට බැරිවුණු රාජ්‍යක්, තෙල් ආනයනට කිරීම සඳහා ඩොලර් සොයාගන්න බැරිවුණු රාජ්‍යක්, ගෑස් සහනය දෙන්න ඩොලර් හිඟවුණු රාජ්‍යක්, වෘත්තීයවේදීන් රට හැරගිය රාජ්‍යක්, රටේ ජනතාව පාරට බැහැපු පාලකයන් පලවාහැරි රාජ්‍යක්, රටේ පාලකයෝ හැංගිලා ත්‍රිකුණාමලේ කෑම්එකක හැංගිලා ජීවිතය බේරණු රාජයක්. ඒක ඉතිහාසයේ කවදාවත් මැකෙන්නේ නැහැ. ඒක ලංකාවේ තව අවුරුදු සියයකින් වුණත් වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒතරම් ආර්ථිකය විශාල වශයෙන් බංකොළොත් භාවයට පත් කරල තිබෙනවා

සාමාන්‍යයෙන් රටක් මෙවැනි බංකොළොත් භාවයට පත් වුණාම යළි තිබුණු තත්වයට පත් වෙන්න අවුරුදු දහයට වැඩි කාලයක් ගත වෙනවා. ලෝකයේ බොහෝ රටවල් මෙවැනි ව්‍යවසනයකට පත් වුණාම යළි එය ගොඩ ඒම සඳහා ඒ බලපෑම ප්‍රතිවිපාක දසයකට වැඩි ප්‍රමාණයක් ඒ ආරථිකයට බලපෑම් කරනවා. හැබැයි අද අපි සමත් වී තිබෙනවා ඉතා කෙටි කාලයක් ඇතුලත යළි අපේ රටේ ආර්ථික ස්ථිරභාවය ඇති කරන්න. ඉතා වැදගත් ආයෝජකයින් ලංකාවට එන්න විශ්වාස භාවය ඇති කරන්න. පහුගිය අවුරුදු පහ හයටම ලංකාවට ආයෝජකයින් ඇවිල්ලා නැහැ. ඇයි බංකොළොත් වූ රටකට එන්නේ නැහැ. දැන් අපි සමග විශාල ආයෝජකයින් පිරිසක් සාකච්ඡා කරමින් සිටිනවා. අවසන් තීරණයකට ඇවිල්ලා තියෙනවා විශාල ආයෝජන ව්‍යාපෘතියක් කරන්න. ඒ ප්‍රධාන එකක් තමයි ලංකාවේ විශාලතම ව්‍යාපෘතිය වන තෙල් පිරි පහදුවක් අපි හම්බන්තොට දානවා. චීන ආයෝජනයක් සමග අපි විශ්වාසය ඇති කරගෙන තිබෙනවා. අවසන් අදියර තියෙන්නේ විශාලතම ව්‍යාපෘතියක් කරන්න. ආයොජකයින් ආපසු ගියත් නැවැත එන්න පටන් ගෙන තිබෙනවා. අප්‍රේල් 05 වෙනිදා සාම්පූර්වල විදුලි

බලාගාරයකට මුල්ගල් තියෙනවා. ඉන්දීය අගමැති මොදිතුමාගේ සහභාගිත්වයෙන් එහි මුල්ගල් තැබීමට සලස්වල තියෙනවා. සිඹලාආණුඩුව මෙගාවෝට් 100 ක විදුලි බලාගාරයක් ආරම්භ කිරීමට සැළසුම් කරල තිබෙනවා. මන්නාරම මෙගාවෝට් 50 ක විදුලි බලාගාරයක් ආරම්භ කරන්නට පටන් ගෙන තිබෙනවා. කෙලවරපිටිය නව ගබඩා පර්යතයක් ආරම්භ කිරීමට අවසන් සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම කොළඹ නගරේ ඉතාමත් ආයෝජනයට සුදුසු ඉඩම් අපි හදුනාගෙන ඉතා ඉක්මනින් අපි ප්‍රසිද්ධියට පත් කරනවා. ඒ සඳහා ආයෝජකයන් එන්න කියලා. ඒ නිසා ආර්ථික ස්ථාවරභාවය තමයි ආයොජකයින් ක්‍රමාණුකූලව අපේ රට කෙරෙහි අවධානය කරන්න පටන් ගෙන තිබෙනවා. දාල ගිය රටක් හොඳේ. කටුනායක ගුවන් තොටුපල හදල දාල ගියා. ඒක තව මාසයක් එක හමාරක් ඇතුලත යළි වැඩන් ගන්නවා. දාල ගිය අය ලංකාවට එන්න පටන් ගෙන. මිහිරිගම අධිවේගි මාර්ගය ඉදිකිරීම් චිනු දාල ගියේ. හැබැයි නැවැත එම අධිවේගී මාර්ගය නිර්මාණය ඉදිකිරීම සඳහා වැඩ කටයුතු ක්‍රියාත්මක කරනවා. දාල ගිය ආයොජකයෝ, දාල ගිය ව්‍යෘපෘති යළි ආරම්භ කරනවා. අඵත් ව්‍යාපෘති ගණනාවක් ලංකාවට ආරම්භ කරලා ආරථික ස්ථාවරභාවය නැවැත ඇති කරන්න. ඒ විතරක් නොවෙයි, මේ ඩොලරය දිගුකාලීනව අපි රුපියල් 300 සීමාවේ ආරක්ෂා කරගන්න අපි සමත් වෙලා තිබෙනවා. ඒක ඉතාමත් වැදගත්. මතකද කාලයක් නිදියන කොට ඩොලරය එක අගයක්. නැගිටින කොට තව අගයක්. 400 කිටුටුවෙන්න ඩොලරය ගියා. දැන් මාස 6 කට ආසන්න කාලයක් 300 ට ආසන්නව ඩොලරය අගය පවතිමින් තිබෙනවා. ඒක වැදගත් සංඥාවක්, අපේ ආර්ථිකේ ස්ථාවර භාවයට බැංකු පොලි අනුපාතය ඔබට මතක ඇති, ඔබ බැංකුවේ ණයක් අරගෙන තිබුණ නම් ඔබ බැංකුවේ යම් උගසක් කර තිබුණ නම්, පොලි අනුපාතය 33%-40 ට ගියා. අද බැංකු පොලිය අනුපාතය 14 % තියාගෙන ඉන්නවා. ආර්ථික හොඳ ස්ථාවරයක් ඒකෙන් පෙන්නුම් කරනවා. ආයෝජකයින්ට, ව්‍යාපාරකයින්ට, බැංකුවට ගිහිල්ලා ඉතා අඩු පොලියට ණයක් අරගෙන තමන්ගේ ව්‍යාපාර ව්‍යාපෘති කරන්න පුඵවන් 10 ට වඩා අඩු පොලි අනුපාතය කරනවා. ආර්ථික ස්ථාවර භාවය පිළිබඳව වැදගත් සංඥාවක්. ඒ විතරක් නොවෙයි කොටස් වෙළඳ පොළේ වේගය වර්ධනය වෙමින් තිබෙනවා. ඒ කියන්නේ ස්ථාවර පිළිබඳව සංඥවක්. ඒ වගේම උද්ධමනය අවම මට්ටමක පවත්වාගෙන යන්නට සමත් වෙලා තිබෙනවා. ආර්ථික ස්ථාවරභාවයට හොඳ සංඥාවක්. නැවැත අපි පහුගිය දෙසැම්බර් මාසේ ණය ප්‍රතිව්‍යුහගත කළා. ණය ප්‍රතිව්‍යුහ ගත කළාට පස්සේ ඩොලර් මිලියන 500 වැඩි ප්‍රමාණයක් අපි ආපහු ගෙව්වා. හැබැයි ඩොලරයට හෙල්ලීමක් සිදුවුණේ නැහැ. අපි ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය කොටස ගෙවල තියෙනවා. ස්ථාවරභාවය ඇති කරන්න අවුරුදු 5කට 6කට වැඩි කාලයක් වාහන ගෙන්වන්නේ නැතිව තහංචි දමල තිබුණා. අපි ක්‍රමාණුකූලව වාහන වෙළඳ පොළ විවෘත කර තිබෙනවා. ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමේ සංඥාවක්. ඒ අනුව අපේ මාස හය ක්‍රමාණුකූලව අපි මේ ආර්ථික ස්ථාවභාවය පිළිබදව ඇති කරන්න අපි කටයුතු කරලා තිබෙනවා. ඒක වැදගත්. අපිට ඉස්සර ආර්ථික අස්වරභාවයක් ඇති කරනවා. අපිට සැකයක් ඇති කරනවා. අපේ ආර්ථිකය කෙරෙහි අවිශ්වාසයක් ඇති කරලා. අපි ඉතාමත් ශක්තිමත් ලෙස ආර්ථික ස්ථාවරභාවය අපි නිර්මාණය කරල තිබෙනවා. ඒක වැදගත්. මේ මාස 06 තුළ ගන්න ලද ප්‍රබලතම වැදගත්ම දේ තමයි ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කිරීම. බිඳ වට්ටපු ආර්ථිකයක්, ණයක් ගන්න දෙන්නේ නැති ආර්ථිකයක්, ආයෝජකයෙක් එන්නේ නැති අර්ථිකයක්, ඩොලරයට ස්ථිවර භාවයක් නැති ආර්ථිකයක්, අපි ස්ථාවරභාවයට

ගෙනැල්ල තියෙනවා. ඒක තමයි ඉතාමත් දැක්මක් ඇතිව වැඩ කරල තිබෙනවා, එතනින් නතර වෙන්නේ නැහැ,

දැන් අවුරුදු 4-5 ක් තිස්සේ අපේ රාජ්‍ය සේවයට බඳවා ගත්තේ නැහැ. මොන තරම් විශාල ප්‍රමාණයක් තියෙනවද. බඳවා ගැනීමට නොහැකි තත්වයක් තිබෙනවා. හැබැයි ඒ අය මොනවද කළේ. අපි තීරණයක් ගත්තා අලුතින් රාජ්‍ය සේවකයින් තිස් දහසක් බඳවා ගන්න. මේ අයවැය අපි මුදල් වෙන්කරල තියෙනවා තිස් දහසක් රාජ්‍ය සේවකයෝ බඳවා ගන්නට. මේවන විට 15700 ක් විතර පුරප්පාඩු තිබෙනවා ඉතිරි පුරප්පාඩු හඳුනා ගන්න අපි කමිටුවක් පත්කරල තියෙනවා. ප්‍රාදේශීය සභාවේ ටීඕ මහත්වරු නැහැ. හරියට පාරක් හදන්න ගියොත් නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා. පහළ පුරප්පාඩු තියෙනවා වගේම අත්‍යවශ්‍ය විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ පුරප්පාඩු පුරවන්න අවුරුදු 5-6 කට පස්සේ 30,000 ක් ආණුඩුවේ රැකියාවට බඳවා ගන්න අපි සැළසුම් කරල තිබෙනවා.

අවුරුදු 7-8 කට පස්සේ රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප අපි වැඩි කරල තිබෙනවා. විශාල ප්‍රමාණයකින් වැඩි කරල තිබෙනවා. මතක තබා ගන්න මේ අවුරුද්දේ පමණක් රාජ්‍ය සේවකයාගේ වැඩිවුණු වැටුප ගෙවන්නත් කෝටි එකොළොස්දාහක් වෙන් කළා. රුපියල් කෝටි එකොළොස්දාහක් වැඩිකරපු කොටස ගෙවන්න ලබන අවුරුද්දෙත් කෝටි 11 දාහක්, 2027ත් කෝටි 11 දාහක්. 2028 වර්ෂය වෙන කොට රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩි වීමෙන් ගෙවනවා රුපියල් කෝටි 33 දාහක්. ඇයි අපේ වෘත්තීයවේදීන් රැකගන්න ඕන. රාජ්‍ය සේවකයාට සාධාරණ වැටුපක් ගෙවන්න ඕන. මූලික වැටුප වැඩි කරන්න ඕන. ඒකෙන් විශ්‍රාමිකයාට සාධාරණයක් ලැබෙන්න ඕන. අපි ඒ වැඩේ කරල තිබෙනවා. මෙහෙම මේ රටේ කවරදාකවත් වැඩ කරල නැහැ.

අපි පොහොර සහනාධාරය රුපියල් 15000 රුපියල් විසි පන්දහස දක්වා වැඩි කළා. පසුගිය මාසේ කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා වී වගාව සඳහා පමණක් තිබුණු පොහොර සහනාධාරය කුඹුරුවල අතුරු බෝග වගාවේදී ඒ ගොල්ලන්ටත් රුපියල් 15000 ක පොහොර සහනාධාරයක් ලබා දෙන්න මේ යල කන්නයේ සිට. මෙහෙම වැඩකරපු ආණ්ඩු කවරදාක වත් තිබණේ නැහැ.

පොහොර සහනාධාරය විතරක්ද ලංකාවේ පළමු වතාවට පාසල් දරුවන්ට පාසල් පොත් මිලදී ගැනීම සඳහා රුපියල් 6000ක් දෙනවා. ළමයි ලක්ෂ 16 කට දැන් රුපියල් 6000 ලබා දීලා තිබෙනවා. ළමයි ලක්ෂ 16 කට පොත්

ගන්න, අමතර උපකරණ ගැනීම සඳහා ආණ්ඩුව මුදල් ලබාදුන්නා. ලැබෙන මුදල් ජනතාවගේ කාර්ය සඳහා අපි යොදවනවා. වකුගඩු රෝගීන්ගේ දීමනා අපි වැඩි කළා. වැඩිහිටියන්ගේ දීමනා අපි වැඩි කළා. විශ්‍රාම දීමනාව අපි වැඩි කළා. මහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩි කළා. ශිෂ්‍යත්ව දීමනාව වැඩි කළා. පාසල් දරුවෙක් ඉන්නව නම් පාසල් ආහාර වේළ ලබාදෙන දිමනාව අපි වැඩි කළා. එහෙමයි කටයුතු කරන්නේ. ආණ්ඩු හැම දෙයක්ම වැඩිකරල තියෙනවා. බංකොළොත් වූ ආර්ථිකයක් ස්ථාවරභාවයට ගෙනැල්ලා අපි ජනතාවට සහන ලබාදෙන්න කටයුතු කරල තිබෙනවා. අස්වැසුම රුපියල් 8500 තිබුණේ. ඒක දහදාහ දක්වා වැඩි කළා. රුපියල් 15000 තිබිච්ච එක 18500 දක්වා වැඩි කළා. ජනවාරි ඉඳලා අස්වැසුම ප්‍රථිලාභීන්ට ලැබෙනවා. ඒ විතරක්ද අපි මේ ජූලි මාසයේ දැනට අස්වැසුම නොලැබෙන පවුල් ලක්ෂ 4 කට ජූලි මාසයෙත් අ`ඵතින් අස්වැසුම ලබාදෙන්න කටයුතු කරනවා. ජනතාව බලාගන්න ඕන ආණ්ඩුව මට කියන්න මෙහෙම ඉතිහාසයේ ලැබිල තියෙනවද කියලා.

කැබිනට් මණ්ඩලය තවත් තීරණයක් ගත්තා සෑම පාසල් දැරියකටම පහේ පන්තියට ඉහළ සෑම දැරියකටම සනීපාරක්ෂ තුවා මාසයකට 8 බැගින් ලබාදෙන්න නොමිලේ. පාසල් දරුවන්ට බලාගන්න ඕන. අපි ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ඒ සඳහා ආධාර ලබාදීමේ තවත් ඉස්සරහට ගේනවා අමාරු අය බලා ගන්න ඕන. ඒක තමයි ආණ්ඩුව හොඳවීම.

අපේ ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න ඕන. පොදු ප්‍රවාහනය අපේ පවුලක කෙනෙක් තමන්ගේ ප්‍රවාහනය සඳහා දරන වියදම වැඩියි. අපේ රටේ බස් ප්‍රමිතියකින් නැහැ. අපි සැළසුම් ගොඩක් හදල තියෙනවා. ලංගමය පුද්ගලික බස් සේවාවයි ඒකාබද්ධ කරන්න ඕන. දැනට සාකච්ඡා පවත්වනවා තව පොඩි කාලයක් යයි අපට. ඒකාබද්ධ කාල සටහනකට බස් දුවන්න ඕන. බස් රථවල හොඳ ප්‍රමිතියකින් තියෙන්න ඕන. බස් රථය තනි තනිය වෙනුවට යම් සමාගමකට දාල සමාගම කළමණාකරණය කරල. ඒ සඳහා අපි කළමණාකරණය කර තියෙනවා. මේ අවුරුද්දේ රුපියල් කෝටි 300 ක් වෙන් කළා අලුතින් ශ්‍රී ලංගමට බස් 500 ක් ගේන්න. ඊට අමතරව බස් 100 ක් ගේනවා ප්‍රමිතියෙන් යුතු ලෝකයේ දියුණු යැයි සම්මතය රටවල දුවන වර්ගයේ බස්. කිලෝ මිටර් 10ක් යන කොට කොන්ද රිදෙන බස් නොවේ. ඉතාමත් සුවදායක සේවයක් සඳහා අපි බස් රථ හිමියන් සමග සාකච්ඡා කර තිබෙනවා. පතෝල මැස්ස වගේ තියෙන බස් රථ වෙනුවට ක්‍රමාණු කූලව සුවපහසු බස් සේවාවක් පොදු ප්‍රවාහන සේවාවක් අපි රටේ ආරම්භ කරනවා.

අපි සැළසුම් කරල තියෙනවා ඉතාමත් දියුණු ලෙස වර්ධනය කරන්න. මේ අවුරද්දේ අපි මිලියන 650 ක් ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 65දාහක් සෞඛ්‍ය සඳහා වෙන් කරල තියෙනවා. ගොඩනැගිලි හදන්න, උපකරණ ගන්න, බෙහෙත් හේත් ටික ගන්න, අවශය කාර්ය මණ්ඩලය ගන්න, ඇති තරම් ප්‍රමාණය වෙන්කරල තියෙනවා. අර්බුදයක් ඇති වුවහොත් මිලදී ගැනීම සඳහා. කිසිම රෝහලක බෙහෙත් පෙත්තක් හිඟ නොවන ආකාරයෙන් බෙහෙත් ගැනීම සඳහා මුදල් වෙන් කරල තියෙනවා. අපි සැළසුමක් හදල තියෙනවා ක්‍රමාණුකූළව සෑම පවුලකටම පවුලේ වෛද්‍යවරයෙක් ඉන්න ඕන. නියම ව්‍යාපෘතියක් ලෙස පටන් ගන්නවා. තමන් දකින දකින ඉස්පිරිතාලෙට දකින දකින දොස්තර ගාවට යනව නොවේ. තමන්ට දීීල තියෙනවා වෛද්‍ය වාර්තාව,තමන්ගේ රෝග නිධානය වාර්තාවක් තියෙනවා පළමුව යන්න ඕන ඒ වෛද්‍යවරයා ගාවට. ඒ වෛද්‍යවරයා තමයි කියන්නේ ඒක ගණන් ගන්න ඕන ලෙඩක්ද පරීක්ෂණ කළ යුතු ලෙඩක්ද, ක්‍රමාණුකූළව අපි පාලනයේදී සෑම පවුලකටම වෛද්‍යවරයෙකු ඇතුලත් වන විදියට සෞඛ්‍ය පද්ධතිය සකස් කරනවා.

අපේ රටේ විශාල අධයාපන පරිවර්තනයක් ඇති කරනවා. 2026 වසර අපි විෂය නිර්දේශයක් හඳුන්වල දෙනවා පළමු 6 පන්ති යන්න අනෙක් ඒව පවත්වාගෙන යන්න. හැබැයි ඒ පන්ති අයට අලුත් එකක් විෂය හඳුන්වල දෙනවා. ඊළඟට 7 ට එනව, 8 ට එනවා, 9 ට එනවා, අවුරුදු 4 ක් වෙන කොට 9 පන්තියට එනවිට අලුත් විෂය නිර්දේශ ළමයි. ඊට පස්සේ 9 පන්තිය තෝරා ගැනීමෙන් විභාගයක් තියනවා විභාගය මගින් දරුව යන්න ඕන පාර කියනවා. ඔයා වෘත්තියවේදියකු වෙන්න මේ පාර යන්න. ඔයා වෛද්‍යවරයෙක් වෙන්න මේ පාර කියන්න. ඔයා කාර්මිකයෙක ශිල්පියෙකු වන්න මේ පාරේ යන්න. මේ වගේ පාරවල් ගනණාවක දරුවෝ යන්න හෙට පාසලට ඇතුලත් වන දරුවෙක් අධ්‍යාපන ශිල්පතා දැක්වූ වෘත්තීය නිපුනතාවයක් නැතිව කිසිම පාසල් දරුවෙක් එළියට යන්න දෙන්නේ නැහැ. අපි අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා, ඒ කියන්නේ මොකද්ද අද අපේ පවුලක් ගත්තොත් බෙහෙත් හේත් ගන්න වැඩි වියදමක් දරනවා, ප්‍රවාහනයට වැඩි වියදමක් දරනවා, දරුවන්ගේ අධ්‍යාපනයට වැඩි වියදමක් දරනවා, අපි මේ තත්ත්වය අඩු කරනවා. ප්‍රවාහනය සඳහා වියදම අඩුවෙන්න ඕන. බෙහෙත් හේත් සඳහා යන වියදම අඩු වෙන්න ඕන. අධයාපනය සඳහා පාසල් දරුවන්ගේ වියදම අඩු වෙන්න ඕන. එතකොට තමන්ගේ වියදම ඉතුරුයි. තමන්ට චිත්‍රපටියක් බලන්න විනෝදයෙන් ඉන්න, ගෙයට කාමර කෑල්ලක් එක් කර හදාන්න, හොඳ විනෝද ගමනක් යන්න සල්ලි ඉතුරු වෙන්නේ ඕන. මොකද හම්බකරන සල්ලි ගමනට, සෞඛ්‍යයට දරුවන්ගේ අධ්‍යාපනයට ඉතිරිවෙන්න ඕන. මේ සැළසුම් සහගතව ඒ වැඩේ අපි ගෙනැල්ල තිබෙනවා. අපි ඉතාමත් හොඳ සුව පහසු ජීවිතයක් අපේ රටේ පුරවැසියාට ලබාදීම සැළසුම් කරගත්තු වැඩ පිළිවෙළකට අපි වැඩ කරමින් ඉන්නවා. මේ මොහොතේ බලා ගන්න විශ්‍රාම වැටුප වැඩි කරල, වැඩිහිටි දිමනාව වැඩි කරලා, වකුගඩු දිමනාව වැඩිකරලා ජිවිතය ගොඩනගන එක අපි කටයුතු කරමින් සිටිනවා.

ඒ විතරක් නොවේ රිමාඩ්න් වුනොත් කවුරු හරි ආයෙත් කවරදාකවත් රක්ෂාවකට යන්න බැහැ. පොලිසියට ගියාම පොලිස් සහතික දෙන්නේ කුඩු විකුණුපු අපරාධකාරයකු හැටියට. කොහේවත් රක්ෂාවකට ගන්න බැහැ. සමාජයෙන් කොන් වෙනවා. අපි මේ අයවැයෙන් මුදල් වෙන් කළා රිමාඩ්න් භාරයේ ඉන්න සියඵ දෙනාට හැකියාව තිබෙන තරුණ තරුණියන්ට අපි වෘත්තීය පුහුණුව ලබා දෙන්න. එයා එහේ ඉඳගෙන ඉගෙන ගන්න එයාට පිළිගත් එන්ඒටී සහතිකයත් එක්ක එළියට එනවා. නැවැත අපි සමීක්ෂණයක් කරල බැලුවා නැවැත හිරේ ඉන්න අයගෙන් වැඩිපුර ප්‍රමාණයක් නැවැත නැවැත හිරේ ඉන්නවා. මාස තුනක් එනවා මාසයක් ඉන්නවා. ආයි නැවැත මාස තුනක් යනවා. ඒ අයට නැවැත සිරගත නොවන ආකාරයට එයාට පුහුණුවක් ලබාදීල, එයාට රැකියාවක් ලබාදීමට අපි සැළසුම් කරල තිබෙනවා. රැඳවුම් මධ්‍යස්ථානවල ඉන්න දෙමාපියන් නැති දරුවන්ට ඒ හැම දරුවකුටම රුපියල් 5000ක් ලබාදෙනවා. මාසයකට ඒ 5000 න් රුපියල් 3000 ක් ඒ දරුවගේ ඉතිරි කිරීමේ පොතකට දානවා, ඒ අනාථ කඳවුරක ඉන්න දරුවෙක් විවාහ වුණොත් ඒ හැම දරුවෙකුටම රුපියල් ලක්ෂ 10 ක් දෙනවා ගෙයක් හදාගෙන්න. එයාට දෙමාපියන් නැහැ. එයාට ඉන්න ගෙයක් නැහැ. එයා ජීවත්වෙන්නේ රැඳවුම් කඳවුරක රැඳවුම් මධ්‍යස්ථානයක. එයාට යන්න තැනක් නැහැ. අපි ඒ වැඩේ හැම දරුවෙකුටම රුපියල් ලක්ෂ දහයක් දෙනවා ගෙයක් හදාගන්න. සියලු ජනතාව බලාගන්න පුඵවන් රටක් අපි හදනවා. ඊට පස්සේ එතැනින් නතර නොවී ආර්ථික ස්ථාවරභාවයට ගේනවා.

තවත් ආර්ථික පිම්මක් ගන්නවා අපි ආර්ථිකය ගොඩ නගන්න පු`ඵවන් සංචාරක කර්මාන්තයෙන්. අපි ඔයගොල්ලන්ට කියන්නම් මේ 2025 වසර ලංකාවේ වැඩිම සංචාරකයින් පැමිණි රට බවට පත්වෙනවා. අද ලක්ෂ 35 පන්නනවා. හැබැයි සංචාරකයින් එන්න නම් මොකද වෙන්න ඕන. ඒවාට අවශ්‍ය හෝටල් ටික ඒවාට අවශ්‍ය පහසුකම් අලුතින් හදන්න ඕන. සංචාරකයන්ට තව යන්න තැන් හඳුනා ගන්න ඕන. සංචාරක කර්මාන්තය ලෝකයේ මන්දගාමියි. හැබැයි සංචාරක කර්මාන්තය අපි වැඩි දියුණු කරනවා. 2026 සංචාරකයින් වැඩි වෙනවා. හැම වසරකම සංචාරකයින් වැඩි වෙනවා. සැළසුම් හදල තියෙනවා. එතනින් නතර වෙන්නේ නැහැ. මේ වසර ලංකාවේ වැඩිම අපනය වසර බවට පත්වෙනවා. වැඩියෙන්ම පිට රටට භාණ්ඩ සහ සේවා අපනයනය කරලා වැඩිම ආදායම වැඩිවන අවුරුද්ද මේ 2025 අවුරුද්ද බව මතක තබා ගන්න. ඒ විතරක්ද ඒ සඳහා අපි කර්මාන්ත හදන්න සැළසුම් කරල තියෙනවා. අපනය කර්මාන්තකරුවන්ට සහය දෙන්න නීතිය භාරය ඉවත් කරල විශාල වැඩ කොටසක් අපි කරමින් ඉන්නවා. වැඩිම ඩොලර් ප්‍රමාණයක් භාණ්ඩ හා සේවා උපයන අවුරුද්ද මේ අවුරුද්ද. ඒ වගේම විදේශගත

ශ්‍රී ලාංකිකයන් අපේ රටේ විදේශ ගත ශ්‍රී ලංකිකයන් වැඩිම ඩොලර් ප්‍රමාණය ගෙනෙන අවුරුද්ද බවට 2025 අවුරුද්ද පත් වෙනවා. ආණ්ඩුවට වැඩිම ආදායම එන අවුරුද්ද මේ 2025 අවුරුද්ද. භාණ්ඩාගාරයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, මේ ජනවාරි පෙබරවාරි ලබාදී ඇති ප්‍රමාණයට වැඩි ප්‍රමාණයකින් ආදායම උපයල තියෙනවා. දේශිය ආදායම් දෙපාර්තමේන්තුව අපි අධික ආදායමට පොළඹවා තියෙනවා. බදුගහන මුදල් ආරක්ෂා කරනව කියල පෙන්නලා තියෙනවා. සමහරුගේ මුදල් හොරකම් කරනවා. තමන්ගේ මුදල් නාස්ති කරනව කියලා බදු

ගෙවන්නේ නැහැ. අපි ක්‍රමාණුකූලව පුරවැසියා බදු ගෙවන්න පුරුදු වෙලා තියෙනවා. බදු ගෙවන හැම කෙනෙකුටම තියෙනවා ඔබ ගෙවන හැම බදු මුදලක්ම සෑම මුදලක්ම පරිස්සම් කරලා ජනතාව වෙනුවෙන් වැඩ කරනවා. එහෙමයි රටක් හදන්නේ. අපේ රට ඉතාමත් සීඝ්‍රගාමි වැදගත් වැඩසටහන් ගණනාවකට අවතීර්ණය වෙලා තියෙනවා. කොහේද මෙහෙම රටක් දියුණුවෙලා තියෙන්නේ. මෙහෙම රට මීට පෙර හැදුවද. මාස හයක මෙහෙම ආණඩුවක් වැඩ කරල තියෙනවාද.

අද කිසිදු පුරවැසියකුට ඇඟිල්ල දික් කරල කියන්න පුඵවන්ද ආණ්ඩුව දේශපාලන අධිකාරිය හොරකම් කරල කියලා. අවුරුදු 76 කට පස්සේ ආණඩුවක් හැදුවා මහජනතාවගේ මුදල් රුපියලක් ශතයක් හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක්. ඒක තමයි ජාතික ජනබල වේගයේ ආණ්ඩුව. මේ ටික හරියට බෙදාගෙන සැළසුම් කරල අපි යනවා එතකොට මොකද වෙන්නේ. විරුද්ධ දේශපාලන ව්‍යාපාරය දේශපාලන අනාථ භාවයට පත් වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ. ඒ නිසා මාධ්‍ය සාකච්ඡා වෙන මොකවත් නැහැ. ඔවුන් හවස රාත්‍රිය ප්‍රවෘත්ති බලන විට අඬනව අඬනව අඬනව. වැඩිපුරම තියෙන්නේ මොකද්ද අඳෝනාව. මට වෙලාවකට හිතුනා මාධ්‍ය ඉස්සරහ අත්තර අඬනව නම් ගෙදර කොච්චර අඬන්න ඇත්ද කියලා අඳෝනාවක් තමයි තියෙන්නේ. ඇයි ඒ අඳෝනාව තියෙන්නේ ඒ ගොල්ල දන්නව වැඩේ තිතට යන බව. ඒ ගොල්ලො හිතුවා අපි ආණඩුව ගත්තාම මොකද්ද. ඒ අය කිව්වේ ජාතික සබදකම් නැති වේවි කිව්වා. හැබැයි අපි ආණ්ඩුවක් අරන් ඉතා කෙටි කාලයකින් ඉන්දියා අගමැති ලංකාවට එනවා. අපි මහා ඡන්දය අවසන් වූ වහාම අපිට ආරාධනාවක් ආවා ඉන්දියාවෙන් සහ චිනයෙන්. දැන් අපිට ආරාධනාවක් වියට්නාමයෙන් ඇවිල්ල තියෙනවා. ජපානයෙන් ඉතාමත් ශක්තිමත් ජාතික සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබෙනවා. ඒ ගොල්ලො හිතුවා අපි ජාතික සහදත්වය නැතිවේවි කියලා. අද අපි ශක්තිමත්ම ජාතික සබඳතා හදාගෙන තිබෙනවා. අපි රටත් ජනතාවත් උගසට තබා පාවා දෙන්නේ නැතිව අපිට කෙළින් ගනුදෙනු කරන්න පුඵවන් විදියට ශක්තිමත් වෙලා තිබෙනවා. ආයෝජකයෝ අපේ රට දාල යයි කියලා ඒ ගොල්ලෝ හිතුවා. ඊළඟට ඒ ගොල්ලෝ හිතුවා ඩොලර් නැතිවේ කියලා. අපේ හාමුදුරුවන් වහන්සේලාට දාන ටික නැතිවේවි කිව්වා. පෙරහැර නතර වේවි කිව්වා. මේ ඔක්කොම කිව්වනේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ. ඒ ගොල්ලො කියපුවා ඒ ගොල්ලෝ හිතපුවා සියල්ලක්ම වෙනස් කරල තියෙනවා. වෙනස් කරල මේ රටේ පරිවර්තය අරගෙන තියෙනවා. දැන් එතැන මොනවද වෙලා තියෙන්නේ. ඒ ගොල්ලෝ දැන් අඳෝනාව බවට පත් වෙලා තියෙනවා. මාධ්‍ය සාකච්ඡා එක්කෙනෙක් ගෙදර. තව කෙනෙක් කාර්යාලයේ. තව කෙනෙක් පාරේ. මොකද්ද වෙලා තියෙන්නේ මාධ්‍යවලින් යන හඬ විතරයි ගමේ නැහැ. හැබැයි ප්‍රවෘත්තිවල ඉන්නවා, කට්ටිය ගමේ

රැස්වීමක් තිබ්බද. ගමට ඇවිල්ල සාකච්ඡාවක් තිබ්බද. නැහැ. ඔය ප්‍රවෘත්තිවලින් අපේ රටේ දේශපාලනය වෙනස් කරන්න බැහැ. අපි ඉතාමත් සැළසුම් හදල තියෙන්නේ මේක ආරක්ෂා කරල ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යෑම තමයි අපේ රටේ ජනතාවගේ අනාගතය අපි වංචා දූෂණ අවම කරල තියෙනවා. මහජනයාගේ ධනය නාස්ති කරපු ආකාරය අපි දැකල තියෙනවා. මේ රටේ ධනය කොච්චර නාස්ති කරල තියෙනවද. කොච්චර ධනය හොරකම් කරල තියෙනවද. මේ ඔක්කොම පරීක්ෂණ යනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිෂම සහ නීතිපති දෙපාර්තමේන්තුව මේ ආයතන ඒකාබද්ධව ඉතා හොඳින් පරීක්ෂණ සිදුවෙනවා, අපිට තියෙන්නේ මොකද්ද පයිල් එක ගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව කට උත්තර ගන්නවා. අධිකරණයට වාර්තා කරනවා. මහා අධිකරණයෙන් නඩුවක් පවරනවා. නඩුව පැරුවට පස්සේ ඊට පස්සේ හිරේ දාන්න බලය අපිට නැහැ. අපිට තියෙනවා නඩු දැමීමේ බලය අපි නඩු දාල තියෙනවා. වැඩියෙන්ම කෑගන්නේ වැඩියෙන්ම හොරකම් කරපු අය. එක්කෙනෙක් ඉන්නවා හිරේ දාන්න හදනවා කියලා දැන්ම කියනවා. හොරාට කලින් කෙහෙල් කැනට වැට පැනලා. ඔව් නඩු දානවා තමයි. පරීක්ෂණවලට අනුව මේ වන විටත් ඇමැතිවරු තුන්දෙනෙක් රිමාන්ඩ්. පොලිස්පතිවරයෙක් රිමානඩ්. ඇමැතිවරයෙක් හැංගිලා ඉදපුවාවි. එළියට ඒවි ඕකට කාලය නාස්ති කරන්න ඕනද. පොලිසියේ මහත්වරු යොදවල ධනය නාස්ති කරන්න ඕනද හැංගිලා ඉදපු දෙන්. දැන් පොලිස්පති හැංගිලා හිටියා ආවනේ එලියට. පොලිසියට වෙන වැඩ තියෙනවා. පරීක්ෂණ ටික යනවා ඉතාමක් හොඳින්. අධිකරණයේ දමන නඩුව පරදින්නේ නැතිව. සාක්ෂි එකතු කරලා ගොනු කරලා දාන නඩුව. ඉතා ඉක්මනින් කතරගම ගෙදර නඩුව අධිකරණයට ගේනවා. කතරගම ගෙදර තියෙනවා. ඒ ගෙදර කවුරුවත් පදිංචි වෙලා හිටියේ නැහැ. ඒ ගෙදර බිත්තියක ලයිට් බිලක් ගහල තිබ්බා. මම දන්න විදියට පාරේ යන කෙනෙක් ලයිට් බිල අරගෙන ගියා. ඒ ලයිට් බිල මට එවල තිබුණා. ලයිට් බිලේ තිබෙන්නේ නන්දසේන ගෝඨාභය. අනුන්ගේ ගෙයකට ලයිට් බිල ගෙවනවද මොකද වෙලා තියෙන්නේ. ඒවා තියෙනවා ඒකේ පරීක්ෂණ යනවා. කොහොමද රක්ෂිත ඉඩමකට හුළංවදින්න ගෙයක් හදන්නේ. කොහොමද අල්ලගත්තේ මහජනතාවගේ දේපොළ. ඉතින් පරීක්ෂණ යනවා. ලයිට් බිලත් තියෙනවා වතුර බිලකුත් තියෙනවා. ගේ එයාගේ නොවෙයි කියලා කියනවා. දැන් අපි ට්‍රයි කරනවා ගේ එයාගේ කියල ඔප්පු කරන්න. එයා කියනවා නැහැ කියලා. හැදුව නම් හැදුව කියලා කියන්න එපැයි අප්පා. මොකද්ද මේ ලැජ්ජා නැති වැඩේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *