ජනපතිගේ ප්‍රකාශය ගැන දැඩි විශ්වාසයක් තබාගෙන සිටිනවා – ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා කියයි

එළඹෙන අප්‍රේල් මස 21 වනදාට පෙර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් පිළිබඳ හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට කිතුනු ප්‍රජාව දැඩි විශ්වාසයක් තබා සිටින බව ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂන්ත පියතුමන් පවසනවා.

එම ප්‍රකාශය අදාළ විමර්ශන සම්බන්ධයෙන් මනා දැනුමක් පැවතීම හේතුවෙන් ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශයක් බවයි ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් පෙන්වා දෙන්නේ.

වත්මන් ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටුවේ යැයි යන විශ්වාසය කිතුනු ජනතාව තුළ පවතින බවද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *