චාමර සම්පත් අප්‍රේල් 08 දක්වා තවදුරටත් රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයා එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

නඩු තුනක් සම්බන්ධව පසුගිය 27 වැනිදා අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළ  මන්ත්‍රීවරයා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව ඔහුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *