සිංගප්පූරුව ලබන වසරේදී බදු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
ජීවන වියදම ඉහළ යාම මධ්‍යයේ වුව ද මෙලෙස බදු ඉහළ දැමීමට සිදුව ඇති බවයි සිංගප්පූරු රජය ප්‍රකාශ කර ඇත්තේ.
ඒ අනුව දැනට 8%ක් වන භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු ප්‍රතිශතය 9% ක් දක්වා ඉහළ නංවන බවටයි සිංගප්පූරු රජයේ ආදායම් බදු දෙපාර්තම්න්තුව දැනුම්දී ඇත්තේ.
බදු ඉහළ දැමීමත් සමඟ එදිනෙදා භාවිතයට ගැනෙන පාරිභෝගික භාණ්ඩවල සිට සුඛෝපභෝගි භාණ්ඩ දක්වා භාණ්ඩ රැසක මිල ඉහළ යනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
සිංගප්පූරුව වසර 15ක කාලයක් නොවෙනස්ව 7%ක ප්‍රතිශතයක බදු පවත්වාගෙන ගිය අතර එය 8%ක් දක්වා ඉහළ දමනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේදීයි.