රජයේ රෝහල් සඳහා ශල්‍ය ගෝස් දේශිය නිෂ්පාදකයින්ගෙන් මිලට ගනියි


රජයේ රෝහල් සඳහා අවශ්‍ය ශල්‍ය ගෝස් නිත්‍ය සලාක ක්‍රමයක් යටතේ දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීමට නියමිතයි.

දේශීය සුළු පරිමාණ නිෂ්පාදකයින් නගා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය මත පදනම්වයි මේ පියවර ගෙන ඇත්තේ.

2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශය වෙත ශල්‍ය ගෝස් අවශ්‍යතාව මීටර් මිලියන 30ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

එම ගෝස් සලාක නිර්ණය කිරීමේ කමිටුව විසින් ලියාපදිංචි දේශීය නිෂ්පාදකයන් 282 කගෙන් ඒවා මිල දී ගැනීමට කැබිනට් මනණ්ඩලය නිර්දේශ කර තිබෙනවා.

එලෙස මිල දී ගනු ලබන ශල්‍ය ගෝස් මීටරයක ස්ථාවර මිල ශ්‍රී ලංකා රුපියල් 68.97 ක්.

ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව 2025 වර්ෂය සඳහා ශල්‍ය ගෝස් මීටර් මිලියන 30ක් මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *