දේශබන්දු තෙන්නකෝන් අද යළිත් අධිකරණයට

ඩබ්.ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අද නැවත මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

දේශබන්දුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිකු-ත් කර තිබුණේ පෙබරවාරි මාසයේ 27 වන දා ය.

එතැන් සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු සොයා මෙහෙයුම් දියත් කර තිබුණු නමුත්, මාර්තු 19 වන දා නීතීඥයන් සමග පැමිණ අධිකරණයට භාරවන තෙක්ම සැකකරු සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි විය.
මාර්තු 19 වන දා අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් මාර්තු විසි වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

ඒ අනුව, මාර්තු 20 වන දා නැවත ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරු අප්‍රේල් තුන් වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙසයි.

ඒ අනුව, අද දිනයේ දී දේශබන්දු තෙන්නකෝන් නැවත මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *