ප්‍රසන්න රණවීරගේ දේපල තහනම් කරන්න CID ය අධිකරණයෙන් ඉල්ලයි

කිරිබත්ගොඩ පිහිටි රජයට අයත් ඉඩමක් කූඨ ලේඛන සකස්කොට ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට ඇප ලබා දීම මහර මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. 

ඒ අනුව, මර්වින් සිල්වා අප්‍රේල් මාසයේ 9 වන දා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 

මෙම වංචාව සම්බන්ධයෙන් ම අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීරට අයත් දේපළ රාජසන්තක කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධිකරණයෙන් ඉල්ලා තිබේ. 

අප්‍රේල් නම වන දා ඒ පිළිබදව සලකා බලන බව අධිකරණය දැනුම් දී තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *