මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි තරුණියකට අතවර කළ බව කියන වෛද්‍යවරයා, වසර කිහිපයකට පෙර සිය සංගමයෙන් ඉවත් කළ අයෙක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, එසේ වුවත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර වහාම වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.