අලුත් අවුරුද්දට සහන එයි – පෙට්‍රල් රුපියල් 42කින් ඩීසල් රුපියල් 45කින් ඉහළට

ඉන්ධන සඳහා අලුතින් වැට් බදු පැනවීම නිසා හෙට (01 වැනිදා) සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් හතළිස් දෙකකින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් හතළිස් පහකින් පමණ වැඩිවන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසීය.

පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මේසා විශාල ගණනකින් ඉහළ යන්නේ දැනට ඉන්ධන මත පනවා තිබෙන සියයට 7.5 ක වරාය හා ගුවන් තොටුපළ බද්ද ඉවත් කිරීමෙන් පසුව යැයි ද ඒ මහතා කියා සිටී.

මේ වන විට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 346 ක් වන අතර වැට් බදු පැනවීමෙන් පසු එම මිල රුපියල් 372 ක් දක්වා වැඩිවනු ඇතැයි ද ආනන්ද පාලිත මහතා කීය. ඒ අනුව ඩීසල් ලීටරයක මිල ද රුපියල් 329 සිට 357 දක්වා ඉහළ යනු ඇතැයි ද ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *