අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීම, ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ මහලේකම් වයිකෝ දැඩිව හෙලා දැක තිබේ.
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා, සිවිල් යුද සමයේ ද්‍රවිඩ වැසියන් ලක්ෂය ඉක්මවූ පිරිසක් ඝාතනය කර, කාන්තාවන් දහස් ගණනක් දූෂණය කර ඇති බව පවසන වයිකෝ, එකී අපරාධ විමර්ශනය කිරීම සදහා ශ්‍රී ලංකා හමුදා හේග්හී ජාත්‍යන්තර අධිකරණය හමුවට රැගෙන යා යුතු අවස්ථාවක, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව සමග ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීම හෙලා දැකිය යුතු බව පවසයි.