09 වන විධායක ජනපති වෙන්න මං සූදානම් – අපේක්‍ෂකත්වය දෙන්න පොහොට්ටුවෙන් දැමූ කොන්දේසි මෙන්න – ධම්මික කියයි

2024 ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදීමට තමන් වැඩ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් ලෙස තරග කිරීම සඳහා තමන්ට එම පක්ෂයෙන් කොන්දේසි දහයක් දමා ඇති බවද හෙතෙම පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ අදාළ වැඩ කටයුතු සිදු කරන්නේ කෙසේදැයි තමන් සැලසුම් කරමින් සිටින බවද හෙතෙම කියා සිටී.

රැුකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකිරීම,
බදු අඩු කිරීම වැනි කොන්දේසි පොදු ජන පෙරමුණු විසින් ඉදිරිපත් කර ඇති බවද හෙතෙම සදහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයා කවුදැයි ප්‍රකාශයට පත් කළ යුත්තේ එම පක්‍ෂයෙන් බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

21,874 views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *