ආණ්ඩුව සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක්වෙලා – එස්.එම් මරික්කාර් කියයි

වත්මන් ආණ්ඩුව වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ ද හාස්‍යයට ලක්ව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. 

ඉකුත් මැතිවරණ සමයන්හීදී ජනතාවට ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට නොහැකි වීම හේතුවෙන් ආණ්ඩුව එවැනි තත්ත්වයකට පත්ව ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා සංචාරය සහ එහිදී අත්සන් කළ ගිවිසුම් සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. 

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා සඳහන් කර සිටියේ  ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ පලවෙනි වතාවට බවත් මේ සියල්ල ඉන්දියාව සතු කරන පාවාදීමේ ගිවිසුම් ගොන්නකට අත්සන් කර ඇති බවයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *