ශ්‍රී ලංකා සංචාරයේදී ලබා දුන් උණුසුම් ආගන්තුක සත්කාරයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට, ජනතාවට සහ ශ්‍රී ලංකා රජයට අගමැති මෝදි සිය කෘතඥතාව පුද කළ බව ‘ද ට්‍රිබියුන්’ පුවත් සේවය වාර්තා කරනවා.
“මාගේ සංචාරයේදී ලබා දුන් උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ජනාධිපති දිසානායක මහතාට, ජනතාවට සහ ශ්‍රී ලංකා රජයට බෙහෙවින් කෘතඥ වෙනවා. කොළඹ වේවා, අනුරාධපුර වේවා මේ සංචාරය අපේ ජාතීන් දෙක අතර ගැඹුරු සංස්කෘතික, අාධ්‍යාත්මික හා ශිෂ්ටාචාරික සබඳතා නැවත තහවුරු කළා. එය නිසැකවම අපගේ ද්විපාර්ශ්වික සබඳතාවලට ශක්තියක් එක් කරනු ඇත.” එක්ස් සමාජ මාධ්‍යජාලයේ සිය ගිණුමෙහි අගමැති මෝදි එසේ සටහන් කර තිබේ. අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඉතා සාර්ථක වූ අතර, එය උණුසුම් පිළිගැනීම් සහ සැලකිය යුතු රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලින් සනිටුහන් වූ බවත් ට්‍රිබියුන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. “ශ්‍රී ලංකාවට ඔවුන්ගේ සංවර්ධන ගමනේ විවිධ අංශවලදී සහාය දැක්වීමට ලැබීම ගැන ඉන්දියාව ආඩම්බරයට පත්වෙනවා” අගමැතිවරයා එසේ ප්‍රකාශ කළ බවයි ට්‍රිබියුන් පුවත් සේවය සඳහන් කළේ.