මෙවර NSBM අවුරුදු කුමරියට කෝටි 10ක සුපිරි ඔටුන්නක් දෙයි

හෝමාගම පිටිපන  හරිත විශ්ව විද්‍යාලයේ  “සියපත් උදානය” අලුත්   අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේ දි සිදු කෙරිණි.

පිරිසිදු රනින් නිමවා මැණික් එබ්බ වූ එම ඔටුන්න සියපත් උදානය අලුත් අවුරුදු උළෙලේදී අලුත් අවුරුදු කුමරිය වෙනුවෙන් නිර්මාණය කර ඇත.

මෙම ඔටුන්න නිර්මාණය සඳහා  මෙරට කීර්තිමත් ව්‍යාපාරික ආයතනයක් වන රාජා ජුවලර්ස් විසින් අනුග්‍රහය ලබා දී තිබුණි.

අවසන් තරඟය සඳහා තේරුණු අවුරුදු කුමර කුමරියන් විසි හතර දෙනා හඳුන්වා දීම ද මෙදින සිදු කෙරණි.

wmremove transformed Iri News
wmremove transformed 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *