බදු අඩුකර ගැනීම සඳහා මුලින්ම ධවල මන්දිරයට ගොඩ වූ නෙතන්යාහුත් හිස් අතින් ආපසු යයි

එක්සත් ජනපදයේ කුළුපඟ මිතු-රෙකු වන ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ට්‍රම්ප් පරිපාලනය විසින් එරට අපනයන මත පනවා තිබෙන තීරු බද්ද අඩු කර ගැනීම සදහා අද ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු විය. 

දෙවන ධූරය කාලය සදහා තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුලින්ම සුබ පැතුම් එක තිබුණේ ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසිනි. එමෙන්ම, එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බදු සංශෝධනය කර ගැනීම සදහා මුලින්ම ධවල මන්දිරයට ගොඩවැදුනේ ද බෙන්ජමින් නෙතන්යාහු ය. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති හමුවේ දී අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඒ බව සිහිපත් කර තිබුනද, ට්‍රම්ප් පරිපාලනය විසින් ඊශ්‍රායලට එරෙහිව පනවා තිබෙන තීරු බදු අනුපාත පහත දමා ගැනීමට ඔහුට නොහැකි වි ඇති බව පැවසේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, තීරු බදු අඩු කර ගැනීම සදහා පැමිණි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට හිස් අතින්ම ධවල මන්දිරයෙන් පිට වී යාමට සිදුව තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *